තියෙනවට තියෙනවා!

pexels-elizaveta-dushechkina-2099536-3727175

ගැටළු මැවුම්කරු : යථාර්ථය කියලා එකක් තියෙනවද?

නොදන්න ලියුම්කරු : ඒ ප්‍රශ්ණයට උත්තර දෙන්න වෙන්නේ මොකක් හරි දැනුම පද්දතියකට සාපේක්ෂව. භෞතිකවාදය අනුවනන් වාස්ථවික යථාර්ථයක් තියෙනවා පරම යථාර්ථය විදියට. නමුත් විඥානවාදීන්ට අනුව ඒක මානසික පරමාර්ථයක්. බෞද්ධයෝ නන් කියන්නේ “තියෙන නිසා තියෙනවා” කියලා.

ගැ. මැ : මොකක්ද ඒ “තියෙන නිසා තියෙනවා” කියන්නේ?

නො. ලි : ඒකේ ටිකක් විරුද්ධාභාස (Paradoxical) ගතියක් තියෙනවා. කිකිළිද බිත්තරේද වගේ චක්‍රීය ගතියක් තියෙනවා කියන්නත් පුළුවන්. නමුත් පැවැත්ම පවතින්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව.

ගැ. මැ : ඒ කියන්නේ කෙනාගෙන් කෙනාට සාපේක්ෂ යථාර්ථයන් තියෙනවා කියන එකද?

නො. ලි : එහෙම ගත්තම ඒක අද්වෛත වේදාන්තය පැත්තට යවන්නත් පුළුවන්. අර මන්ඩුක්‍ය උපනිෂද් වල වගේ මහාබ්‍රහ්මන්ට ගැටගහන්නත් පුළුවන්. ඒ වගේම “ලෝකයක් මනසෙන් තොරව වාස්ථවිකව පවතිනවා” නමුත් “අපි අනන්‍ය විදියට අත්දකිනවා” කියලා භෞතිකවාදය පැත්තට තල්ලු කරන්නත් පුළුවන්. නමුත් බෞද්ධ අදහස ඊට වඩා ටිකක් වෙනස්.

ගැ. මැ : මොකක්ද ඒ තැන?

නො. ලි : ඒක නිකන් “මම” පවතින නිසා අථාර්ථය පවතිනවා. යථාර්ථය පවතින නිසා “මම” පවතිනවා වගේ චක්‍රීය කතාවක්.

ගැ. මැ : එතකොට මගෙන් තොර අනෙකා පවතිනවා කියන එක?

නො. ලි : ඒකත් දැනුමට සාපේක්ෂ විශ්වාසයක්. ඒක ඔප්පු කරන්න බෑ. ඒක හරියට හීනයක් බලන කෙනෙක් හීනය තුල ඉන්නකන් සෙසු චරිත ඉන්නවා කියලා හිතුවට හීනෙන් අවදි උනාම හීනයත් නෑ, ඒ චරිතත් නෑ, හීනය තුල මම රඟපාපු චරිතයත් නෑ, කියලා තේරුම්ගන්නවා වගේ දෙයක්.

ගැ. මැ : එතකොට හීනයට සාපේක්ෂව අනෙකා ඉන්නවා නේ?

නො. ලි : ඔව්. හීනයට සාපේක්ෂව අනෙකා ඉන්නවා. නීහය තුල ඉන්නකන් අනෙකා එක්ක ගණුදෙනු කරණවා. හීනය දකිනකන් අනෙකා ඉන්නවා කියලා තදින් විශ්වාස කරණවා. ඇහැරෙනකන් ඒ අදහස වෙනස් වෙන්නේ නෑ.

ගැ. මැ : ඒ කියන්නේ “මම”, “අනෙකා” සහ “යථාර්ථය” එක විට පවතිනවා සහ එක විට නැති වෙනවා කියන එකද?

නො.ලි : තිබ්බ දෙයක් නැති වෙනවත් නෙවේ. නැති දෙයක් නැති බව දැනගැනීමක් එතන වෙන්නේ. හීනෙන් අවදිවෙන කෙනා තිබ්බ හීන ලෝකයක් විනාශ උනා කියලා දැනගන්නේ නෑ. හීන ලොකය හීන ලෝකයක් බවයි අවබෝධ කරගන්නේ. ඒ වගේ සංසිද්ධියක් මෙතනත් වෙන්නේ.

ගැ. මැ : එතකොට ඔය අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණට වෙන පද්දතිය සමස්ථයක් වශයෙන් පවතින්නේ ඇයි? වෙන විදියකට අහනවනන් “ඇයි මම මේ හීනේ දකින්නේ?”

නො. ලි : ඒකනන් “තියෙනවට තියෙනවා” කියන්න පුළුවන්.

කතෘගේ අඩිය

මෙහි එන නම් ගම් සියල්ල මඃකල්පිත බව කරුණාවෙන් සලකන්නෙ.  නොදන්නා විෂය කරුණු වලට ප්‍රතිචාර දැක්වීම හරහා මොවුන් දෙදෙනා  දැනුවත් කරන්න. එම සියළු විෂයන් ගැඹුරින් ස්වයං අධ්‍යයනය කිරීමට තරම් වටනා විෂයයන් බැවින් ඒ සඳහා ඔවුන් උනන්දු බව සලකන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top