
ගැටළු මැවුම්කරු : වංචා හා දූෂණ කියන්නේ මොනවද?
නොදන්න ලියුම්කරු : ඒක “රැවටීමක් සහ නීති විරෝධී දෙයක්” කියලා වගේ සරල කරන්න පුළුවන්. හැබැයි මේ සරල කිරීම 100%ක්ම සමාන නොවෙන්න පුළුවන්, නමුත් දළ වශයෙන් කියන්න පුළුවන්.
ගැ.මැ : මේ දේ සිද්ධ වෙන්නේ කොහෙද?
නො.ලි : ඒක ඉතින් එක එක ස්ථර වල වෙනවා. ළමයා ජනප්‍රිය පාසලට දාන්න බොරු උප්පැන්න හදන තැන, සුළු මාර්ග නීති කඩ කිරීමකට පගාවක් දෙන තැනින් වගේ ඉදන් රාජ්‍යතාන්ත්‍රික වංචා දුෂණ කියන තැන වෙනකන් විවිධ ස්ථර වල තියෙන දෙයක් ඒක.
ගැ. මැ : එතකොට දේශපාලන තලය කියන එක ඉහලම තලය කියලා ගන්න පුළුවන්ද?
නො.ලි : ඔව්. එහෙම කියන්නත් පුළුවන්. නමුත් දූෂණ, වංචා කියන්නේ මිනිස්සුන්ගේ කෙලෙස් එක්ක ගැට ගැහිච්ච දෙයක් මොන තලයේ උනත්.
ගැ. මැ : එහෙනෙන් දේශපාලන තලයේ නන් අපිට ඕනේ හිත පිරිසිදු මිනිස්සු පාලනයට?
නො. ලි : ඔව්. එහෙම කියන්න පුළුවන්. නමුත් ඕකේ ප්‍රායෝගික ප්‍රශ්ණ එනවා. ඒ කියන්නේ හිත හොද උනාට මදි, හැකියාව තියෙන්නත් ඕනේ පාලනයේදී නන්.
ගැ. මැ : ඒ කියන්නේ හිත පිරිසිදු කෙනෙක්ට පොලීසිය බාර ඇමතිකම වගේ එකක් කරන්න හැකියාව තියෙන්න ඕනේ කියන එකද?
නො. ලි : ඒත් මදි, පොලීසිය දූෂිත නොවුනත් මදි පොලීසියට නීතිය ක්‍රියාත්මක කරන්න සාක්ෂි අවශ්‍ය වෙනවා. නීතියේ දෙවඟන අන්දයි කියනවනේ.
ගැ. මැ : සාක්ෂි එකතු කරන්න තියෙන ක්‍රමය මොකක්ද?
නො. ලි : ප්‍රශ්ණය තියෙන්නේ ඔය සාක්ෂි ගොඩනැගෙන ක්‍රමය දූෂිත නිසා පොලීසියට සාක්ෂි එන්නේ නෑ. ඒක නිසා ඒ ඔක්කොම අහුවෙන සාක්ෂි පද්දතියක පාලනය පොලීසිය අතට එන්න ඕනේ.
ගැ. මැ : මොකක්ද එහෙම එකක් කරන්න අපිට අවශ්‍ය?
නො.ලි : ඒකට ඉතින් පොලීසියේ තාක්ෂණික අංශය දියුණු කරන්න වෙනවා. පුළුවන් හැම දෙයක්ම Digitise කරලා Electronically Monitor කරණවා වගේ තැනකට ඒ තාක්ෂණික අංශය දියුණු කරන්න පුළුවන් නන් වටිනවා.
ගැ. මැ : එහෙනන් ඒක පොලිස් ඇමතිට තනියෙන් කරන්න බෑ නේ ද? Digital ඇමතිවත් සම්බන්ධ කරගන්න වෙනවා නේද?
නො. ලි : පොලීසියට විතරක් නෙවේ, Digital ඇමතිට අනික් හැම ඇමතිටමත් සහය දෙන්න වෙනවා.
ගැ.මැ : එහෙනන් පොලිස් ඇමතිකමට වඩා වටින්නේ Digital ඇමතිකම නේද?
නො. ලි : පිරිසිදු හිතක් තියෙන කෙනාට ඇමතිකම බාර දෙනකොට එන ප්‍රශ්ණය තමයි “Digital ද? පොලීසිය ද?” කියන ප්‍රශ්ණය.
කතෘගේ අඩිය
මෙහි එන නම් ගම් සියල්ල මඃකල්පිත බව කරුණාවෙන් සලකන්නෙ. නොදන්නා විෂය කරුණු වලට ප්‍රතිචාර දැක්වීම හරහා මොවුන් දෙදෙනා දැනුවත් කරන්න. එම සියළු විෂයන් ගැඹුරින් ස්වයං අධ්‍යයනය කිරීමට තරම් වටනා විෂයයන් බැවින් ඒ සඳහා ඔවුන් උනන්දු බව සලකන්න.
අක්ෂර වින්‍යාසයේ සහ ව්‍යාකරණ ගැටළුද පෙනවා දෙන්න.