
ගැටළු මැවුම්කරු : 6 වැනි ඉන්ද්රිය පිළිඹද සංවාදය මොකක්ද?
නොදන්න ලියුම්කරු : ඒක චින්තනයට සපේක්ෂයි. මූලික අර්ථ දැක්වීම් වලම වෙනස්කම් තියෙනවා.
ගැ.මැ : එහෙනන් චින්තනය මොකටද සාපේක්ෂ?
නො.ලි : ඒක දර්ශනයට සාපේක්ෂයි. දර්ශනය භෞතිකවාදී නන් 6 වෙනි ඉන්ද්රිය කියලා එකක් නෑ. ඒක විඥානවාදී නන් 6 වෙනි ඉන්ද්රිය ප්රඥ්රාව.
ගැ.මැ : එතකොට ඔය 6 වෙනි ඉන්ද්රිය තියෙනවා කියන අය ඒකට අහුවෙන්නේ මොනවා කියලද කියන්නේ? ඇසට රූපය, කනට ශබ්දය වගේ.
නො.ලි : තමන් ගැන තමන් දන්න ප්‍රමාණය මැනගත්තම අහු වෙලා තියෙන ප්‍රමාණය දැනගන්න පුළුවන්.
ගැ.මැ : ඉතින් එහෙනන් හැමෝම තමන් ගැන යම් ප්‍රමණයක් දන්නවනේ. එතකොට හැමෝම ප්රඥ්රාව අවදි කරන්ද ඉදලා තියෙන්නේ.
නො.ලි : එක්තරා විදියකට ඔව්. මලක් පිපෙන්න පුළුවන් පොහොට්ටුවක් හැමෝගාවම තියෙනවා. ඒක යම් යම් ප්‍රමාණ වලට පිපීගෙන එනවා ඒ ඒ අයගේ. හැබැයි තමන්ගැන දන්න දේ කියන්නේ “නම, ගම, ඉතිහාස කතා” වගේ දේවල් නෙවේ. තමන් තමන්ගේ “මනසේ හැසිරීම” ගැන දන්න ප්‍රමාණය.
ගැ.මැ : එතකොට ප්‍රඥාව අවදි කරගන්නවා කියන්නේ ගවේෂණාත්මක වැඩක්ද?
නො.ලි : මනස නැමැති විද්‍යාගාරය ගවේෂණය කරණ විද්‍යාඥයා ඔබමයි.
ගැ.මැ : ඒකද ප්‍රඥාවට ප්‍රඥාවම අහුවෙනවා කියන්නේ?
නො.ලි : ක්‍රියාත්මකවීම සහ නිරීක්ෂණය කියලා මනස ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බෞද්ධ අභිධර්මයේ නන් ඕකට කියන්නේ මනසිකාරය සහ ප්‍රඥාව කියලා. අභිධර්මයේ මනස දිගඇරලා බලන්න යම් මූලික රාමුවක් හදුන්වලා දෙනවා.
ගැ.මැ : එතකොට ආකෘතියක් ගොඩනගන්න නෙවේනන් ඇයි නිරීක්ෂණය කරන්නේ? අනික දැනටමත් ආකෘතියක් තියෙනවනන් තව මොනවටද පරීක්ෂණ කරන්න?
නො.ලි : පරීක්ෂණ කරන්නේ තමන්තුල ක්‍රියාත්මක වෙනකොට ඒ ඒ අංගයන් කොපමණ ප්‍රභලව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. උදාහරණයක් විදියට අපි ගමු “මෝහය = මමත්වය” කියලා. එතකොට බලන්න පුළුවන් දේ තමයි තමන් තුල මෝහය කොච්චර තියෙනවද කියන එක.
ගැ.මැ : එතකොට නිරීක්ෂණය කරලා විතරක් මදි නැද්ද? මමත්වය වගේ දේවල් අඩු කරගන්නත් මහන්සි වෙන්න ඕනේ නැද්ද ඊට සමගාමීව?
නො.ලි : හදාගන්න හිතෙනවනන් ඒවා හදාගන්න උත්සාහ කරන්න, එහෙම හිතෙන්නෙ නැත්තන් ඒකත් නිරීක්ෂණය කරන්න. හැබැයි එහෙම හිතෙනවද, නැද්ද, හදාගන්න ගියාම එන අභියෝග වලදි හිත ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද, කියන ඒවත් ඒ අතර නිරීක්ෂණය කරන්න.
ගැ.මැ : එතකොට “නිරීක්ෂණය කරණවා” සහ “නිරීක්ෂණය කරණ විදිය නිරීක්ෂණය කරණවා” කියලත් එකක් වෙනවා වගේ තේරෙනව ද?
නො.ලි : එහෙම දේවල් වෙන්නත් පුළුවන්. අවසානයේ වෙන්නේ මොකක් හරි විදියකින් තමන් තමන්ව තේරුම් අරගන්න එක. ඒකට ආයාසයෙන් වෙනස් වෙන්න ඕනේ නෑ. නිරීක්ෂණය පමණක් ප්‍රමාණවත්! කාලය එක්ක ඉඹේම ඔය අවුල් හරි යනවා.
ගැ. මැ : එතකොට තෙවන ඇස විවෘත කරණවා කියන්නේ ඔය ප්‍රඥාව අවදි කරණ එකද?
කතෘගේ අඩිය
මෙහි එන නම් ගම් සියල්ල මඃකල්පිත බව කරුණාවෙන් සලකන්නෙ. නොදන්නා විෂය කරුණු වලට ප්‍රතිචාර දැක්වීම හරහා මොවුන් දෙදෙනා දැනුවත් කරන්න. එම සියළු විෂයන් ගැඹුරින් ස්වයං අධ්‍යයනය කිරීමට තරම් වටනා විෂයයන් බැවින් ඒ සඳහා ඔවුන් උනන්දු බව සලකන්න.
අක්ෂර වින්‍යාසයේ සහ ව්‍යාකරණ ගැටළුද පෙනවා දෙන්න.