විද්‍යාවද? අවිද්‍යාවද?

Vidya-Avidya-Edited

ගැටළු මැවුම්කරු : අධ්‍යාපනයේ අවසාන කෙළවර මොකක්ද?

නොදන්න ලියුම්කරු : සම්මුතිකව හිතනවනන් ආචාර්‍ය මහාචාර්‍ය වෙලා සම්මාන ගන්න එක තමයි

ගැ. මැ : ඕනම විෂයක් ඉගෙන ගත්තම එක හා සමාන ගෞරවයක් එනවද?

නො. ලි : එහෙමත් නෑ, විද්‍යා විෂයන් වලින් ඉගෙනගත්‍තම ගෞරවය වැඩියි, ඒකෙත් වෛද්‍ය ක්ෂේත්‍රය වගේ එකකට තවත් වැඩියි.

ගැ. මැ : ඒ කියන්නේ විද්‍යාව හදාරණ එක තමයි වඩා වටින්නේ. එතකොට ඒගොල්ලෝ “විද්‍යාව” කියන එකට දෙන අර්ථ දැක්වීම මොකක්ද?

නො. ලි : “විද්‍යාව” ට දෙන අර්ථ දැක්වීම ගැනත් හරි මතයක් නෑ. භෞතිකවාදී අර්ථයකුත් තියෙනවා, විඥ්ඥානවාදී අර්ථයකුත් තියෙනවා. ඒකේ තව භූගෝලීය වෙනසකුත් තියෙනවා. භෞතිකවාදීන් බහුතරය ඉන්නේ ලෝකයේ බටහිර පැත්තට වෙන්න. විඥ්ඥානවාදීන් බහුතරය දකින්නේ ලෝකයේ පෙරදිග පැත්තේ.

ගැ. මැ : එතකොට “අවිද්‍යාව” කියලා එකකුත් තියෙනවද විද්‍යාවට ප්‍රතිවිරුද්ධ අර්ථයෙන්?

නො. ලි : ඕකෙන් පෙරදිගනන් “විද්‍යාව” ටත් වඩා “අවිද්‍යාව” ගැන තමයි කතා කරන්නේ. “විද්‍යාව” ගැන කතා කරන්නේ බටහිර පැත්තේ.

ගැ. මැ : මොකක්ද ඒක එහෙම වෙන්නෙ හේතුව?

නො. ලි : පෙරදිගයන් “භෞතිකයේ යතාර්ථවාදී පැවැත්ම” පවා ප්‍රශ්ණ කරණවා. හැබැයි බටහිර “වාස්ථවික යතාර්ථය” විශ්වාස කරගෙන දේවල් පැහැදිළි කරන්න ගන්නවා. හැබැයි ඕකේ වාස්ථවික යතාර්ථය දිගේ යන අය “විද්‍යාව විශ්වාස” කරලා කෙළවර වෙනවා. ප්‍රශ්ණ කරමින් යන අය “අවිද්‍යාව ප්‍රත්‍යක්ෂ” වෙලා කෙළවර වෙනවා.

ගැ. මැ : ඔබ කියන්නේ එකක් “විශ්වාසයක්” අනික් එක “ප්‍රත්‍යක්ෂයක්” කියලනේ. ඇයි එහෙම කියන්නේ?

නො. ලි : භෞතිකවාදී විද්‍යාව කියන්නෙම විශ්වාසයක්. හැබැයි මනෝ මූලික විෂයන් එහෙම නෑ. ඒවයේ තියෙන්නේ අත්දැකීම් සහ අවබෝධ.

ගැ. මැ : ඉතින් භෞතික විද්‍යාවේ තියෙන්නෙත් අත්දැකීම් සහ අවබෝධ තමයි නේ?

නො. ලි : නැහැ, දෙකම නැහැ. එකයි තියෙන්නේ. අත්දැකීමක් විතරයි. අවබෝධය කියන්නේ ඒගොල්ලෝ “ගොඩනැගූ විශ්වාසයක් ප්‍රත්‍යක්ෂයක් ලෙස තදින් එළැඹ සිටීම” අපිට හැඟෙන විදිහ.

ගැ. මැ : ඒගොල්ලන්ට නිරපේක්ෂ ඇත්තක් අහු වෙන්නේ නැද්ද?

නො. ලි : අර මූලික භෞතිකවාදී උපකල්පනයට, සහ ඒ මොහොතේ තියෙන අත්දැකීම් වලට සාපේක්ෂව ගන්න විශ්වාසයක් තමයි තියෙන්නේ. යම් දෙකක් නිරපේක්ෂ සත්‍ය නම් ඒක කාලයෙන් ස්ව්‍යායක්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ තත් කාලීනව වලංගු වෙන්නෙ ඕනේ. භෞතික විද්‍යාව කාලයත් එක්ක පරිණාමය වෙනවා.

ගැ. මැ : එතකොට භෞතික විද්‍යාව කිසිම දෙයක් සත්‍යද, නැද්ද කියලා මනින්න නිර්ණායකයක් විදියට ගන්න බැරිද?

නො. ලි : ගන්න පුළුවන්, එතකොට එන්නේ “භෞතිකවාදයට සාපේක්ෂව සත්‍යද? නැද්ද?” කියන ප්‍රතිඵලය. නිරපේක්ෂ ප්‍රත්‍යයක්ෂයක් තියෙනවනන් විතරයි “නිරපේක්ෂ සත්‍ය, අසත්‍යතාව” මනින්න පුළුවන්.

ගැ. මැ : එතකොට පෙරදිග “අවිද්‍යාව ප්‍රත්‍යක්ෂ කරණවා” කියන්නේ මොකක්ද?

නො. ලි : සෑම දෙයක්ම සත්‍ය හෝ අසත්‍ය නොවන බව. ඒ වගේම “සත්‍යත් වේ, අසත්‍යත් වේ” කියන එකත් නොවන බව. “සත්‍යත් නොවේ, අසත්‍යත් නොවේ” කියන එකත් නොවේන බව.

ගැ. මැ : ඔබ මේ කියන්නේ චතුෂ්කෝටිකය ගැනද?

නො. ලි : නැහැ. චතුෂ්කෝටිකයත් පැනවෙන්නේ චතුෂ්කෝටිකය තුල බව අවබෝධ වීමක් ගැන.

 

කතෘගේ අඩිය
මෙහි එන නම් ගම් සියල්ල මඃකල්පිත බව කරුණාවෙන් සලකන්නෙ. නොදන්නා විෂය කරුණු වලට ප්‍රතිචාර දැක්වීම හරහා මොවුන් දෙදෙනා දැනුවත් කරන්න. එම සියළු විෂයන් ගැඹුරින් ස්වයං අධ්‍යයනය කිරීමට තරම් වටනා විෂයයන් බැවින් ඒ සඳහා ඔවුන් උනන්දු බව සලකන්න.

අක්ෂර වින්‍යාසයේ සහ ව්‍යාකරණ ගැටළුද පෙනවා දෙන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top