
ගැටළු මැවුම්කරු : සංස්කෘතිය කියන්නේ මොකක්ද?
නොදන්න ලියුම්කරු : සංස්කෘතිය කියන්නේ එක පුද්ගලයෙක් හෝ ජන කොටසක් තවත් පුද්ගලයන්ගෙන් හෝ ජන කොටස් වලින් වෙන් කර හදුනාගත හැකි යම් නිර්ණායක සමූහයක සංයෝජනයක සංකරණයක්.
ගැ. මැ : “සංකරණ – සංයෝජන” වගේ ගණිතමය ශාස්ත්‍රීය විග්‍රහයක් නැතුව සරල නිර්ණායක ටිකක් උදාහරණ විදියට දෙන්න පුළුවන්ද?
නො. ලි : පුළුවන්. උදාහරණයක් විදියට සංස්කෘතික අංග වෙන්නේ භාෂාව, කලාව, චාරිත්‍ර, විශ්වාස, සමාජ සංස්ථා, ආහාර රටා සහ ඇදුම් විලාසිතා වගේ දේවල්. ඒවා යම් යම් ආකාරයට සංයෝජනය වීමෙන් තමයි ඔය සංස්කෘතීන් ගොඩ නැගෙන්නේ.
ගැ. මැ : එතකොට සංස්කෘතික බලපෑමක් කියන්නේ මොකක්ද?
නො. ලි : ඒකනන් මට තේරෙන්නේ එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් අභිබවා ඉස්මතු වීමක් හෝ ගිල ගැනීම වගේ අදහසක් වෙන්න පුළුවන්.
ගැ. මැ : ඔය වගේ ගිලගැනීමකට උදාහරණයක් ගන්න පුළුවන්ද සිංහල සංස්කෘතියට අදාලව?
නො. ලි : භාෂාවට අදාලව නන් “සපත්තු, මේස, කමිස” වගේ වචන උදාහරණ විදියට ගන්න පුළුවන්. ඒ විතරක් නෙවේ, “ඕයි” කියන වචනය පවා ගෞරවයෙන් අඩු වචනයක් උනත් පෘතුගීසි භාෂාවේ තියෙන ඉංග්‍රීසි භාෂාවේ “Hi” වැනි තේරුමක් තියෙන වචනයක්. ඊට අමතරව සඳකඩපහනෙන් ගවලා අයින් වෙන තැන ඉඳන් තියෙන්නෙ හින්දු සහ දමිළ බලපෑම.
ගැ. මැ : එතකොට සිංහල මිනිස්සු “ඕයි” වගේ වචන භාවිතා කරණ අයට “කරත්ත කාරයා වගේ කතා කරණවා” කියලා කියන්න පුරුදු වෙලා හිටියා නේද?
නො. ලි : ඔව්. කලින් සමාජ වල එහෙම කතාවක් තිබුණා. ඒකේ තේරුම ඉස්සර ගම නගරය අතර ප්‍රවාහනයට දායක වෙච්ච ගැල් කරුවන් නරගයේදී පෘතුගීසින් එක්ක කතා කරන්න ගිහින් ඉගෙනගත්ත වචන ගමට යනකොට සමාජය ඒක දැක්ක විදිය වෙන්න පුළුවන්.
ගැ. මැ : එතකොට නම් වලට මොකද උනේ?
නො. ලි : නම් වශයෙන් ගත්තත්, සිල්වා, පෙරේරා, කොස්තා, ගෝමස් වගේ නම් එකතු උනා සිංහල ජනතාව අතරට. හැබැයි ඕකේ යම් භූගෝලීය ඝණත්වයකුත් තිබුණා.
ගැ. මැ : ඒ කියන්නේ මේ නම් තියෙන අය ගොඩක්ම හිටියේ පෘතුගීසි බලපෑම වැඩි පැති වලද?
නො. ලි : ඒක ජානමය බැදීමක් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. හැබැයි පෘතුගීසින් පාලනය කරපු වෙරළබඩ තැනිතලාවේ තමයි ඔය නම් අයිති අයගේ මුල් ගම් ගොඩක් දකින්න ලැබෙන්නේ.
ගැ. මැ : ඔය ජානමය කතාවත් හොද තැනක්. සංස්කෘතියට ජානමය බලපෑමක් තියෙනවද?
නො. ලි : ජානමය සම්බන්ධය මොකක් උනත් සංස්කෘතිය කියන්නේ අවසානයේ පිළිපදින එක.
ගැ. මැ : ඒ කියන්නේ, බටහිර ජාතික සුදු ජාන තියෙන කෙනෙක්ට උනත් සිංහලයෙක් වෙන්න පුළුවන්ද?
නො. ලි : කොහොමත් දැන් ගෝලීයකරණය එක්ක සර්ව පිරිසිදු ජාන දකින්න ලැබෙනවා අඩුයි ඉස්සරහට. මිශ්‍ර ජාතින් තමයි බිහි වෙන්නේ. නමුත් ඒ අයට පුළුවන් නව මිශ්‍ර සංස්කෘතිකයක් ගොඩනගන්න හෝ පවතින එකක් පිළිගන්න. ඒ වගේ බටහිර ජාන තියෙන කෙනෙක් සිංහල සංස්කෘතිය තමන්ගේ කරගත්තොත් ඒ කෙනා සිංහලයෙක් වෙනවා සංස්කෘතියේ මූලික අර්ථ දැක්වීමට ගලපලා ගත්තම.
ගැ. මැ : ඒ කියන්නේ “සිල්වලා, පෙරේරලා, කොස්තාලා, ගෝමස්ලගේ සිංහලයෝ” කියන්න ජානමය අයිතියක් පෙන්නන්න අවශ්‍ය වෙන්නේ නෑ නේද?
කතෘගේ අඩිය
මෙහි එන නම් ගම් සියල්ල මඃකල්පිත බව කරුණාවෙන් සලකන්නෙ. නොදන්නා විෂය කරුණු වලට ප්‍රතිචාර දැක්වීම හරහා මොවුන් දෙදෙනා දැනුවත් කරන්න. එම සියළු විෂයන් ගැඹුරින් ස්වයං අධ්‍යයනය කිරීමට තරම් වටනා විෂයයන් බැවින් ඒ සඳහා ඔවුන් උනන්දු බව සලකන්න.
අක්ෂර වින්‍යාසයේ සහ ව්‍යාකරණ ගැටළුද පෙනවා දෙන්න.