
සිංහල බෞද්ධයෝද, බෞද්ධ සිංහලයෝ ද.
ගැටළු මැවුම්කරු : ශාසනය තියෙන්නේ කොහෙද?
නොදන්න ලියුම්කරු : බෞද්ධයෙක්ටනන් මතක් වෙන්නේ භික්ෂු සමාජය. නමුත් මම දන්නවා ඒක ඒගොල්ලෝ විතරක් නෙවේ. භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා කියන සිව් පිරිස.
ගැ. මැ : එතකොට ඔය හැම කොටසක්ම සමාන වටිනාකමක් සහිත කොටසක් ද?
නො. ලි : වටිනාකම මනින මිනුම් මොනවද කියලා නන් දන්නේ නෑ. හැබැයි ඔය හතර දුවන්නේ අන්‍යෝන්‍ය වශයෙන් සහය වෙලා සමතුලිතතාව පවත්වාගෙන.
ගැ. මැ : ඒ කියන්නේ එකක් වැටුනොත් පද්දතිය බිඳවැටෙනවා කියන එකද?
නො. ලි : එක්තරා විදියකට එහෙම තමයි. පූර්ණ කාලීනයෝ ඉන්නවා, අර්ධකාලීනයො ඉන්නවා, ආධාර කරුවන් ඉන්නවා. දේශපාලන පක්ෂයක් උනත් ක්‍රියාත්මක වෙන්නේ ඔය වගේ තුලිත පද්දතියක් එක්ක. මම හිතන්නේ ඕනම සාර්ථක සංවිධානයක් ඉස්සරහට යන්න ඔය වගේ වගකීම් බේදීගිය විවිධත්වයක් අවශ්‍ය වෙනවා. ඒක සන්නද්ධ ව්‍යාපාරයකට උනත්, ත්‍රස්ථවාදී සංවිධානයකට උනත් පොදුයි.
ගැ. මැ : එතකොට ඔය අභ්‍යන්තර අනු කොටස් බෙදා වෙන් කිරීමෙන් සංවිධානයක් බිඳවට්ටන්න පුළුවන්ද?
නො. ලි : ඔව්. එහෙම පුළුවන්. සංවිධානයකට අභ්‍යන්තර එකඟතාව තියෙනවනන් ඒක බාහිර බලවේගයකට පුළුවන් යටපත් කරන්න විතරයි. විනාශ කරන්න බෑ. ඔය ගෝලීය කම්කරු අරගල උනත් එහෙමයි. අභ්‍යන්තර එකඟතාව නැතුව සාර්ථක වෙන්න බෑ. ඒක නිසා භාහිර බලපෑම් නැතුවත් බිඳවැටෙනවා.
ගැ. මැ : එතකොට ඔය සම්බන්ධය කොහොමද ආගමික සංස්ථාව ඇතුලේ තියෙන්නේ?
නො. ලි : ආගමික සංස්ථාවේ පූර්ණකාලීනයෝ කියන්නේ භික්ෂු සමාජය, එතකොට අර්ධකාලීනයන් සහ ආධාර කරුවන් පිරිස ඒ පූර්ණකාලීනයන් රැකබලාගන්නවා. ඒව තමන්ට පුළුපුළුවන් දේවල් කැමති කැමති ප්‍රමාණ වලින් දායක කිරීම් වෙනවා. සමහර ආධාරකරුවන් ඉහල වටිනාකම් සහිත නිවාස, රථවාහන වගේ දේවල් උනත් දෙනවා.
ගැ. මැ : එතකොට ඔයවගේම යාන්ත්‍රණයක් නේ වාමාංශික ව්‍යාපාර තුලත් තියෙන්නේ?
නො. ලි : ඔව්. වාමාංශික යාන්ත්‍රනයේ ඉන්න අය ආධාර කරුවෙක් අර වගේ වටින දෙයක් පක්ෂයට දායක කලොත් ඒක අහලා සතුටි වෙලා අප්පුඩි ගහනවා. හැබැයි ඒ වගේම වෙනත් සංවිධානයක් වන ආගමික සංස්ථාව ඇතුලේ ඒක වෙනකොට ඇනුම් පද කියනවා. ඒකනන් හරිම පරස්පර හැසිරීමක්.
ගැ. මැ : එතකොට ඔය සිංහල බෞද්ධයෝ කියන්නෙත් එහෙම සංවිධානයක් නේ. ඒක බෞද්ධ ආගමික සංවිධානයක්ද?
නො. ලි : නෑ, ඒක ආගමික සංවිධානයක් නෙවේ. ඒක ආගමික සංවිධාන ජාලයක සංස්කෘතික අනු කොටසක්.
ගැ. මැ : එතකොට ඔය උප සංවිධාන වලට මූලික ආගමික සංවිධානය එක්ක තියෙන එකඟතාව මොකක්ද?
නො. ලි : එහෙම නිල එක්ඟතාවක් නෑ. නමුත් හැමෝම බෞද්ධ දහම පිළිගන්නවා. නමුත් ඒ පිළිගැනීමත් සර්ව සම නෑ. ඒ ඒ එය බුදු දහම කියලා මූලික කෘතීන් වල ඉදලම පිළිගන්නේ වෙනස් මූලාශ්‍ර ටිකක්. හැබැයි හැමෝටම එක පොදු අරමුණක් තියෙනවා. ඒ තමයි නිර්වානය.
ගැ. මැ : එතකොට ඔය සිංහල බෞද්ධයෝ සහ බෞද්ධ සිංහලයෝ කියන්නේ එකම ජාතියද?
නො. ලි : නෑ. ඒක නම් දෙකක් සහ දෙගොල්ලක්. මූලිකත්වය දෙන දේ අනුව නම වෙනස් වෙනවා. සිංහල බෞද්ධයෝ බුදු දහම සිංහල සංස්කෘතියට අනුව හැඩගස්වාගෙන. නමුත් බෞද්ධ සිංහලයෝ කියන අය බෞද්ධ ක්‍රමයට අනුව සංස්කෘතික හැඩ ගස්වාගත්ත අය.
ගැ. මැ : මොනවද උදාහරණ ඔය දෙක වෙන් කරලා අඳුනගන්න.
නො. ලි : සිංහලයෝ කුල භේදය පිළිගන්න බෑ බෞද්ධ කමට මුල් තැන දෙනවනන්. බුදු දහම කුල ක්‍රමය ප්‍රතික්ෂේප කරණවා. එහෙමනන් කුල ක්‍රමය පිළිගන්නවා නන් එයා බොහෝ විට සිංහල බෞද්ධයෙක් වෙන්න පුළුවන්. පිළිගන්නේ නැත්තන් එයා බෞද්ධ සිංහලයෙක් වෙන්න පුළුවන්. ඔය වගේ විසංවාදී තැන් වල තොරගන්න පැත්ත අනුව තමයි ඔය දෙක බෙදෙන්නේ.
ගැ. මැ : තව මොනවද ඒ වගේ තියෙන නිර්ණායක?
නො. ලි : ජ්‍යොතිෂය, නැකැත්, බාර හාර වගේ දේවල් වල ඉදන් ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. සිංහලයෝ කරණ මුල් බුදු දහමට එකඟ නැති ඕනම ක්‍රියාවක් නිර්ණායකයක් විදියට අපිට ඔය වැඩේට පාවිච්චි කරන්න පුළුවන්.
ගැ. මැ : ඒහෙම ගත්තම ඔය සිංහල අළුත් අවුරුද්ද කියන එකත් සමරන්න බෑ නේ බෞද්ධ සිංහලයන්ට.
නො. ලි : ඔව්, ඒකත් එතාමත් සිංහල වැඩක්. ඒක බෞද්ධ වැඩක් නෙවේ. නැකැත් වලට වැඩ අල්ලන කතාව බුදු දහමට අයිති දෙයක් නෙවේ.
ගැ. මැ : එහෙම ගත්තම බෞද්ධ සිංහලයෝ මොනවද කරණ සංස්කෘතික දේවල්?
නො. ලි : ඒගොල්ලෝ දන් දෙනවා, සිල් රකිනවා, භාවනා කරණවා, වෙසක් සමරණවා, පංසල් යනවා, බණ අහනවා වගේ සිංහල සංස්කෘතියේ තියෙන බෞද්ධ කමට පරස්පර නැති දේවල් ඒගොල්ලෝ සංස්කෘතික අංග විදියට පවත්වගෙන යනවා.
කතෘගේ අඩිය
මෙහි එන නම් ගම් සියල්ල මඃකල්පිත බව කරුණාවෙන් සලකන්නෙ. නොදන්නා විෂය කරුණු වලට ප්‍රතිචාර දැක්වීම හරහා මොවුන් දෙදෙනා දැනුවත් කරන්න. එම සියළු විෂයන් ගැඹුරින් ස්වයං අධ්‍යයනය කිරීමට තරම් වටනා විෂයයන් බැවින් ඒ සඳහා ඔවුන් උනන්දු බව සලකන්න.
අක්ෂර වින්‍යාසයේ සහ ව්‍යාකරණ ගැටළුද පෙනවා දෙන්න.