
ගැටළු මැවුම්කරු : ලෝකයේ අවසාන විසදුම මොකක්ද?
නොදන්න ලියුම්කරු : ඒක ඉතින් ගැටළුවට සාපේක්ෂයි.
ගැ. මැ : අපි ගමුකෝ “ගෝලීය දේශපාලන ගැටුම්” කියන ගැටළුව කියලා.
නො. ලි : ඒ ගෝලීය ගැටළුවට දේශපාලන විසදුමක් දුන්නේ කාර්ල් මාක්ස් විතරයි.
ගැ. මැ : මිනිස්සු ඇයි එහෙනන් ඒ උත්තරේට ඒකමතිකව එකඟ වෙන්නේ නැත්තේ?
නො. ලි : ඒකට හේතුව “පංතිය” තමන්ගේ අනන්‍යතාවයේ කොටසක් කියලා කම්කරු පංතිය පිළිගන්නේ නැති එක.
ගැ. මැ : අනන්‍යතාවය විදියට පිළිගන්නේ නැතුව පක්ෂ වෙන්න බැරිද?
නො. ලි : පක්ෂ වෙන්න පුළුවන් ප්‍රතිවාදියා තමන්ගේ අනන්‍යතාවයේ කොටසක් නොවනතාක්.
ගැ. මැ : ඒ කියන්නේ “මිනිස්සුන්ගේ අනන්‍යතාවයේ කොටස්” පංති අරගලයට එරෙහි වෙන වෙලාවල් තියෙනවද?
නො. ලි : “තමන්ගේ රට” කියන එක වගේ අනන්‍යතාවයක් එක්ක කම්කරු අරගලය ගැටෙන්න පුළුවන් “ක්මියුනිස්ට් ලෝකයක” රටවල් නැති නිසා. ඒ ගෝලීය රාජ්‍යයේ තියෙන්නේ එකම ක්‍රමයක් සහ පූර්ණ සාමානාත්මතාවක්.
ගැ. මැ : ඉතින් ඇයි මිනිස්සුන්ට බැරි ඒ අනන්‍යතාවය අත අරින්න?
නො. ලි : ඒක අත අරින්නේ නැති විසදුමක් ඕනේ මිනිස්සුන්ට. මොකද මේ භූගෝලීය බෙදීම දාර්ශනික බෙදීමක්. ඒ දර්ශන ගොඩනැගෙන්නේ ඒ ඒ සංස්කෘතීන් ඇතුලේ. ඉතින් ඒ මූලයන් ආරක්ෂා කරගන්න මිනිස්සු කැපවෙනවා.
ගැ. මැ : හරි, සංස්කෘතිය සාපේක්ෂ කරගන්නේ නැති පොදු දර්ශනයකට ලෝකයට එකඟ වෙන්න බැරිද?
නො. ලි : පුළුවන්, හැබැයි ඒක කරන්න පුළුවන් ක්මියුනිස් ක්‍රමය ඇතුලේ. අපි හැමෝම භෞතිකවාදී දර්ශනයක් යටතට එනවා. එතනදී ආගම නැති වෙනවා.
ගැ. මැ : ආගමත් නැති නොකර දාර්ශනික එකඟතාවයකට එන්න බැරිද?
නො. ලි : එහෙමනන් ආගම් ටික එකතු කරලා පොදු ආගමක් හදන්න වෙනවා. එහෙමත් නැත්තන් ආගම් ඔක්කොම වෙනුවට භෞතිකවාදයත් නොවන අළුත් ආගමක් ගේන්න ඕනේ.
ගැ. මැ : එහෙම නොකර ආගම් වලට එහෙමම ඉන්න දීලා ඒ ටික ගැටුමක් නැති වෙන්න පොදු හර පද්දතියකට කට්ටියම එකඟ උනානන් අවම වශයෙන් ගෝලීය ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් නේද?
නො. ලි : එහෙම කරන්න බෑ මිනිස්සු උද්දච්ච නිසා. තමන්ගේ අනන්‍යතාවයේ බලය තමයි ලෝකයට පෙන්නන්න ආස මිනිස්සු.
ගැ. මැ : එහෙනන් මිනිස්සුන්ගේ උද්දච්ච කම නැති කරණ ක්‍රමයක් තියෙනවද?
නො. ලි : ඔය “උද්දච්ච” කියන වචනය සිංහල භාෂාවට එකතු උනේ නන් බෞද්ධ අභිධර්මයෙන්. බුදු දහම නන් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ වැඩකට. මිනිස්සුන්ගේ “උද්දච්චය හීන වීම” බුදු දහමට විෂයානු බද්ධයි භෞතිකවාදයට වඩා.
ගැ. මැ : ඉතින් භෞතිකවාදය සම්පූර්ණයෙන් අයින් කරලා බුදු දහම ගෝලීය පොදු එකඟතාවය කරගන්න බැරිද? ඕනම ආගමිකයෙක්ට නිවන් දකින්නත් පුළුවන් නිසා.
නො. ලි : ඕනම ආගමක කෙනෙක්ට නිවන් දකින්න පුළුවන් නන් බුදු දහම කියලා නිශ්චිත ආගමික හැඩයක් තියෙන්න බෑ. ඒක අනන්‍ය හැඩයක් නැති, සියළු ආගම්වලට අවශෝෂණය වන සහ ආගම්ක ගැටුම විසදලා ඒ සියල්ල එකතු කරලා “ගැට ගහන නූල” වගේ තමයි බුදු දහම දකින්න ඕනේ. ඒක වෙන්න ඇති එහෙනන් සමහරු බුදු දහම ආගමක් නෙවේ දර්ශනයක් කියන්නේ.
ගැ. මැ : එතකොට මොකක්ද වඩා ප්‍රායෝගික විප්ලවය? ආධ්‍යාත්මික විප්ලවයද, කම්කරු විප්ලවයද?
නො. ලි : ආධ්‍යාත්මික විප්ලවය කියලා එකක් තියෙනවනන් ඒක “බෞද්ධයන්ගේ අදහස පමණක්” වෙන්න බෑ. ගෝලීයව ජනතාව දර්ශනය කියන විෂය කතා කරලා පොදු එකඟතාවයකට එන්න බලන්න ඕනේ ගැටුම් පොඩ්ඩක් පැත්තකින් තියලා. ඒක ප්‍රායෝගික නෑ කම්කරු විප්ලවයට සාපේක්ෂව. ඊට වඩා ලේසී මිනිස්සුන්ට ආර්ථික විෂමතාව පාදක කරගෙන අරගලයක් යෝජනා කරණ එක.
ගැ. මැ : ඔය කතාවේ විරුද්ධාභාසයක් දකින්නේ නැද්ද?
ඔය ආර්ථික ප්‍රශ්ණය පැළ වෙන්නේ නෑ නේ දාර්ශනික එකඟතාවය එන්නේ නැතුව. ඒක නිසා බැලූ බැල්මට ආර්ථික ප්‍රශ්ණය ඉස්සරහට දාන එක ලේසී වගේ පැනෙනුට ඒක ගිහින් අනන්‍යතාවය ගාව හිර වෙනවා නේද?
ආධ්‍යාත්මික විප්ලවය දර්ශනය පාදක කරගෙන කරලා, එකඟතාවට ආවම වාම දේශපාලනයේ ආර්ථික අදහස ඒ ගෝලීය ජනතාව තුල පැළ කරන්න ලේසි නැද්ද?
මිනිස්සු සරල කරණ එක වමට ප්‍රතිවිරුද්ධ අදහසක් නෙවේ නේද?
නො. ලි: එහෙනන් වමේ තියෙන භෞතිකවාදය කියන කොටස විතරයි ගැටළුව. ඒක අමතක කරන්න මාක්ස්වාදියාට බෑ, හැබැයි සමාජවාදියාට පුළුවන්. මොකද “සමාජවාදයට නිශ්චිත හැඩයක් නැති නිසා”. ඒක ගොඩක් ප්‍රගතශීලී යෝජනාවක් දෙපැත්තටම.
ගැ. මැ : එහෙමනන්, සමාජවාදීන් එක්ක ආධ්‍යාත්මික විප්ලවකරුවන්ට ගටුමක් තියෙන්නත් බෑ වගේම ආධ්‍යාත්මික විප්ලවකරුවන් එක්ක සමාජවාදීන්ට ගැටුමක් තියෙන්නත් බෑ නේද?
නො. ලි : ඔව්. එහෙමනන් මාක්ස්වාදීන්ට එකඟ වෙන්න බැරි උනාට ගෝලීය වාමාංශිකයන් බහුතරයකට එකඟ වෙන්න පුළුවන් “දර්ශණයේදී නම්‍යශීලී වෙන්න” වගේම “උද්දච්චය නැති කරණ ආයුධය” විප්ලවයට පක්ෂව යොදවන්න.
ගැ. මැ : එහෙම බැලුවම ආධ්‍යාත්මික විප්ලවය නේද කම්කරු විප්ලවයට කලින් එන්නේ?
නො. ලි : එහෙම වෙන්නත් පුළුවන්. වම ඉක්මන් වෙන්න නන් මිනිස්සු අනන්‍යතාවය අත අරින්න ඕනේ කියලනේ අපි කලින් එකඟ උනේ. එහෙම අත අරින්නත් ආධ්‍යාත්මික වෙනස වෙන්න එපැයි.
ගැ. මැ : ආධ්‍යාත්මික විප්ලවයේ කාඩරය කවුද?
නො. ලි : ඒගොල්ලෝ අවම වශයෙන් සෝවාන්වත් වෙන්න ඕනේ එහෙනන් අනික් අයගේ උද්දච්චකම නැති කරන්න නන්. මේ සෝවාන් අය බෞද්ධයො ලෙසම තමන්ව හදුන්වන්න අවශ්‍ය නෑ. ඕනෑම ජාතියක සහ සංස්කෘතියක කෙනෙක් වෙන්න පුළුවන්.
ගැ. මැ : ඒක තමයි නේද තමා තූලින් ලෝකය දකින්න කියන්නේ?
ඒ පැත්තෙන් හිතුවම, “තමා තුලට හැරුණ කෙනත්” විප්ලවකරුවෙක් හෝ අරගලකරුවෙක් නොවෙන්නේ කොහොමද?
කතෘගේ අඩිය
මෙහි එන නම් ගම් සියල්ල මඃකල්පිත බව කරුණාවෙන් සලකන්නෙ. නොදන්නා විෂය කරුණු වලට ප්‍රතිචාර දැක්වීම හරහා මොවුන් දෙදෙනා දැනුවත් කරන්න. එම සියළු විෂයන් ගැඹුරින් ස්වයං අධ්‍යයනය කිරීමට තරම් වටනා විෂයයන් බැවින් ඒ සඳහා ඔවුන් උනන්දු බව සලකන්න.
අක්ෂර වින්‍යාසයේ සහ ව්‍යාකරණ ගැටළුද පෙනවා දෙන්න.