දූපත් මානසිකත්වය සහ ජාත්‍යන්තරවාදය

pexels-monstera-production-7412098

ගැටළු මැවුම්කරු : දූපත් මානසිකවය කියන්නේ මොකක්ද?

නොදන්න ලියුම්කරු : සම්මුතිකවනන් ජාතිකවාදයට කියන තවත් නමක්.

ගැ.මැ : එතකොට ජාත්‍යන්තර ප්‍රජාවක් නෑ කියලා හිතලා දූපතේ ප්‍රශ්ණ විතරක් කතා කරණ එක දූපත් මානසිකත්වය නෙවේද?

නො.ලි : එහෙම බැළුවම ඒකත් වෙන්න පුළුවන්. එහෙනන් දූපත් මානසිකත්වය නැති වෙන්නේ ජාත්‍යන්තරය ගැනත් දැනගෙන කටයුතු කිරීමෙන්. දේශීය ප්‍රශ්ණ විතරක් කතා කලාට ජාත්‍යන්තරය නොදන්නවා නෙවේ නේ.

ගැ.මැ : එතකොට දේශීය ප්‍රශ්ණ ගැන දැනගෙන කතා කරලම මදිනේ. ජාත්‍යන්තර ප්‍රශ්ණ ගැනත්, දේශීය ප්‍රශ්ණ වලට ඒවාගේ තියෙන බලපෑම ගැනත්, දැනගන්න ඕනේ නැද්ද?

නො.ලි : ප්‍රශ්ණේ දේශීය උනාට උත්තරේ හොයන්න තියෙන්නේ ජාත්‍යන්තරව තමයි ගොඩක් වෙලාවට.

ගැ.මැ : එතකොට ජාත්‍යන්තර ප්‍රශ්ණ වලට මූණ දෙන්න දේශීයව පෙළගැහෙනවා වගේ එකක් වෙන්නේ නැද්ද?

නො.ලි : ඒක එහෙම කියන්නත් පුළුවන්. ඒක ඉතින් දේශපාලන චින්තනය අනුව තමයි. ජාතිකවාදීව සහ ජාත්‍යන්තර වාදීව උත්තරේ දකින්න පුළුවන්.

ගැ.මැ : ඒකෙන් ඔය ජාතිකවාදීන් කියන අයට තියෙන්නේ “තමන්ගේ රටේ මිනිස්සුන්ව ජාතියක් විදියට දිනවන්න හදනවා” ලෝකයේ සෙසු ජාතින් ඉස්සරහ කියන එකද?

නො.ලි : ඔව්. ඒ වගේ එක්තරා “ජාතිවාදී” ගතියක් ඔවුන්ගේ තියෙනවා. හැබැයි ජාත්‍යන්තරවාදීන්ගේ අදහස ඊට වඩා පරාර්ථකාමී සහ පුළුල් එකක්. ඒකේ අවසානයේ මනුස්ස ජාතියක් විදියට සමගි වෙච්ච රටවල් රහිත ලෝකයක් බිහිවෙනවා.

ගැ.මැ : දැන් එතකොට ඔය රටවල් ඇතුලේ ජාතීන් අතර ජාතිවාදය කියන එක ජාතිකවාදයට ගැට ගැහිලා තියෙන්නේ ඇයි?

නො.ලි : රටවල් ඇතුලේ ජාතිවාදය ජාතිකවාදියාගේ “ජාත්‍යන්තරයට එරෙහි ජාතිවාදයට” භාධාවක්. විශේෂයෙන් ජාතිවාදී, බෙදුම්වාදී අදහස් රට පස්සට අදිනවා. ඒක ජාතිකවාදියාට රුස්සන්නේ නෑ.

ගැ.මැ : ඒත් බෙදුම්වාදය පරාජය කරන්න අත ගැහුවම ජාතිකවාදයා ජාතිවාදයක් පවත්වගෙන යන්නේ නැද්ද?

නො.ලි : බෙදුම්වාදයට එරෙහි වීමයි, ඒක් පිටිපස්සේ තියෙන ජාතිවාදී න්‍යායප්‍රත්‍රයට විරුද්ධ වෙන එකයි ජාතිවාදයක් වගේ දකින අය ඕක පටලගන්නවා.

ගැ.මැ : රටක ඔය ජාතීවාදී බෙදුමට අමතරව පංතිවාදී බෙදුම්වාදයකුත් තියෙනවනේ?

නො.ලි : ඔව්. එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක භෞමික අඛණ්ඩතාවයට බලපෑමක් නෑ. සමාජයක් විදියට බෙදෙන්නේ. සම්පත් බෙදියාම මත සමාජ බෙදුම්වාදයක් එතන ක්‍රියාත්මක වෙන්නේ. ජාතිකවාදියාට ගොඩක් රුස්සන්නේ නැත්තේ භෞමික අඛණ්ඩතාවයට භාධාවක් වෙනකොට.

ගැ.මැ : පන්ති බෙදුමේ අවසානය මොකක්ද?

නො.ලි : ඒකේ අවසානය ජාත්‍යන්තරවාදය ජයගැනීම. ඒ කියන්න “අපේ රට”, “අපේ ලෝකය” වෙන එක. හැබැයි ඒ ලෝකය පංති වශයෙන් බෙදිලා. ජාතිකවාදියාට කරන්න දේශපාලනයක් ඉතුරු වෙලා නෑ. එතකොට රටක් නෑ, තියෙන්නේ ලෝකයක් සහ එක ජන වර්ගයක්. ඒකට ඕනෙනන් හෝමේ සේපියන් තව මොකක් හරි ජාතිය කියලා විද්‍යාත්මක නාමයක් එයි.

ගැ.මැ : එතකොට ඒ ජාතියේ දර්ශණය මොකක්ද? එක වර්ගයකට දර්ශණ ගොඩක් තියෙන්නෙ පුළුවන්ද?

නො.ලි : ඔව්, එක ජාතියකට දර්ශණ ගොඩක් තියෙන්න බෑ. “භෞතිකවාදී දර්ශණය” කියන එකක් තියෙන්නේ. ඒක විද්‍යාත්මකයි.

ගැ.මැ : විද්‍යාවෙන් භෞතිකවාදය ඔප්පු වෙනවද, භෞතිකවාදයෙන් විද්‍යාව ඔප්පු වෙනවද?

නො.ලි : ඒකත් හරියට A නිසා B ඇතිවේ සහ B නිසා A ඇතිවේ වගේ එකක්. සරලව කියනවනන් කිකිළිද බිත්තරේද න්‍යාය වගේ එකක්. ඒ විෂ්‍යන් දෙක එකිනෙකා හේතුවෙන් එකවිට පවතිනවා කියමුකෝ එහෙනන්.

ගැමැ : ඔව්. ඒ විෂ්‍යන් එකකින් එකක් ඔප්පු වෙනවා කියන්න බෑ.භෞතිකවාදය එතකොට ඔප්පු වෙන දැනුම පද්දතියක් නැද්ද?

නො.ලි : නෑ. භෞතිකවාදය කියන්නෙම දැනුම පද්දතියක් ගොඩ නගාගන්න තියෙන දර්ශණයක්. දර්ශණයක් කොහොමත් එකකට එකක් “සාපේක්ෂ විශ්වාස” කියලා අපි දෙන්නම කලින් එකග උනානේ.

 

කතෘගේ අඩිය

මෙහි එන නම් ගම් සියල්ල මඃකල්පිත බව කරුණාවෙන් සලකන්නෙ.  නොදන්නා විෂය කරුණු වලට ප්‍රතිචාර දැක්වීම හරහා මොවුන් දෙදෙනා  දැනුවත් කරන්න. එම සියළු විෂයන් ගැඹුරින් ස්වයං අධ්‍යයනය කිරීමට තරම් වටනා විෂයයන් බැවින් ඒ සඳහා ඔවුන් උනන්දු බව සලකන්න.

අක්ෂර වින්‍යාසයේ සහ ව්‍යාකරණ ගැටළුද පෙනවා දෙන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top