
ගැටලු මැවුම්කරු : තාක්ෂණයේ දියුණුව මිනිසාට වාසි දයාක වෙන්නේ කොහොමද?
නොදන්න ලියුම්කරු : තාක්ෂණය දියුණුව නිසා විවිධ දේවල් ලඟා කරගන්න පුළුවන්. මූලිකව භාණ්ඩ හෝ සේවා නිපදවාගන්න හෝ ලබාගන්න පුළුවන්.
ගැ.මැ : ඔතන ඔබ කියන භාණ්ඩ හා සේවා දියුණුව නැතුවත් වැඩි කාලයක් හා දුෂ්කර ක්‍රම යොදාගෙන කරගන්න පුළුවන් නේ?
නො.ලි : ඇත්ත, එහෙම් බැළුවම දියුණුවෙන් වෙන වාසිය තියෙන්නේ පහසුවෙන් අඩු කාලයකින් නිදපවා ගන්න එක. එතකොට කාළය ඉතුරු වීම තමයි ලාභය. ගමනාගමනය උනත් හිතන්න දැන් කොච්චර කාලයක් ඉතුරු වෙනවද කියලා රථවාහනය නැමැති යන්ත්‍රය නිසා.
ගැ.මැ : “කාලය” ලාභයක් වෙනවනන් ඒකෙන් මොනවද මිලදී ගන්න පුළුවන්?
නො.ලි : කාලය මුදලට ගන්න බැරි උනාට කාලය මුදලට දෙන්න පුළුවන්. අපි රස්සාවක් කරලා හම්බකරණවා කියලා කරන්නෙත් කාලය විකුණන එක. වැඩියෙන් විකුනන අයට අතිකාල දීමනා එහෙමත් ලැබෙනවා. ඒ විතරක් නෙවේ. කාලය අයෝජනය කලාම විනෝදාස්වදය, පුද්ගල සඹඳතා ශක්තිමත් වීම. උදාහරණයක් විදියට ඔබ කාලට පවුලේ අයට ආයෝජනය කලාම පවුලේ සතුට සමගිය අත්විදින්න පුළුවන්.
ගැ.මැ : එතකොට ඔබ කියන්නේ තාක්ෂණික දියුණුව නිසා මිනිස් සබදතා දියුණු වෙනවා කියලද?
නො.ලි : මම එහෙම කියන්නේ නෑ. මිනිස්සු ඒ ඉතුරු කාලය නැවතත් නිශ්පාදන ක්‍රියාවලියටම ආයෝජනය කරණවා. එක්කෝ තාක්ෂණය දියුණු කරන්න, අනික් එක තාක්ෂණය යොදාගෙන නිශ්පාදන ක්‍රියාවලිය පුළුල් කරලා වෙනදට වඩා වැඩියෙන් නිපදවන්න.
ගැ.මැ : ඒ කියන්නේ තමන්ට අයිති කාලයත් තමන්ගේ දේකට නොයොදා මේ පරිභෝජනවාදී ක්රියාවලියේම සිරකාරයෙක් කරලා කියන එක නේද?
නො.ලි : එක අතකින් එහෙම වෙනවා කියලා කියන්න පුළුවන්. ඒක නවත්තන්න නන් වෙළදපොල ආර්ථිකයෙන් එළියේ ක්මියුනිස්ට් පන්නයේ ආර්ථිකයක් හදන්න වෙනවා.
ගැ.මැ : ඒකට ඉතින් වාම දේශපාලන දිනවන්න ඕනේ ද?
නො.ලි : ඔව්, එහෙම් කරන්න ඕනේ. හැබැයි ඒක ගෝලීය සටනක් වෙන්න ඕනේ. වාමාංශික රාජ්‍ය කියලා ජාතියක් ඇත්තෙත් නෑ ඇතිවෙන්නෙත් නෑ. එක්කෝ වාමාංශික ලෝකයක් නැත්තන් එහෙම නැති එකක්. ඕක මනුෂ්‍ය වර්ගයා කරන්න ඕනේ එකක් මිසක්, රටවල්, ජාති, ජනකොටස් වලට හදන්න පුළුවන් එකක් නෙවේ.
ගැ.මැ : එතකොට ඔය කියන මඃකල්පිත ගෝලීය ආණ්ඩුව යටතේ සාකච්ඡා කරන්නේ මොනවද?
නො.ලි : ඒකේ කතා කරන්නේ මිනිස් වර්ගයාගේ ගැටළු ගැන. ගෝලීය දරිද්‍රතාව, ගෝලීය පරිභෝජන, ගෝලීය නීතිය, සාමය, ආර්ථිකය, ස්වාභාවික සම්පත් සහ පරිසර ගැටළු වගේ දේවල්. එතන ලොකු විශමතාවක් නැති වෙයි. හැම දෙයක්ම හැමෝටම සමානව අයිති වෙයි, රට, රාජ්‍ය, පුරවැසිභාවය වගේ සංකල්ප පරිහරණය කරන්නේ නැති වෙයි.
ගැ.මැ : එතකොට ඔය කියන තත්වයට ලඟාවෙන්න ගෝලීය ජනතාව සංවිධානය කරණ එක අපිට ප්‍රායෝගිකව බැරි උනාට රටක් සහ ජාතියක් විදියට මොකක්ද කරන්න පුළුවන්?
නො.ලි : අපිට පුළුවන් අධි-පරිභෝජනවාදී චින්තනයට එරෙහිව යන සම්මුතිවාදී දේශපාලනයක් කරලා පෙන්වන්න ආදර්ශයක් විදියට.
ගැ.මැ : මිනිස්සුන්ට තියෙන පරිභෝජන ආශාවල් යටපත් කරලා විවිධත්වය අත අරින්න කියලද කියන්නේ?
නො. ලි : යටපත් කරණ උපායමාර්ගයකට ගියොත් ඒක ෆැසිස්ට්වාදයකට තල්ලු වෙනවනේ. ඒක නිසා ඒක මිනිස්සුන්ගේ චින්තන පරිවර්තනයකින් කරන්න ඕනේ. ඒකට මිනිස්සුන්ට පොදු දර්ශණයක් අවශ්‍ය වෙනවා.
ගැ. මැ : ඔබ මේ සාකච්ඡාව හොද තැනකට ගෙනවා. මම හිතනවා ඒ දර්ශණය පෙරදිග තියෙනවා කියලා. බටහිරත් එහෙම ඒවා තියෙනවනන් ඒවා ඔය ගෝලීය වම නිර්මාණය කරපු භෞතිකවාදී වාමාංශිකයන්ට අහුවෙලා නැති එකත් ගැටළුවක්.
කතෘගේ අඩිය
මෙහි එන නම් ගම් සියල්ල මඃකල්පිත බව කරුණාවෙන් සලකන්නෙ. නොදන්නා විෂය කරුණු වලට ප්‍රතිචාර දැක්වීම හරහා මොවුන් දෙදෙනා දැනුවත් කරන්න. එම සියළු විෂයන් ගැඹුරින් ස්වයං අධ්‍යයනය කිරීමට තරම් වටනා විෂයයන් බැවින් ඒ සඳහා ඔවුන් උනන්දු බව සලකන්න.
අක්ෂර වින්‍යාසයේ සහ ව්‍යාකරණ ගැටළුද පෙනවා දෙන්න.